Friday, January 5, 2018

arduino වලින් automatic වෙන bulb එකක් හදමු...

ඔන්න කාලෙකට පස්සේ කන් කරච්චලේ හින්ද arduino  ගැන පෝස්ටුවක් දාන්න හිතුවා...කලින් මන් arduino rovar එකක් හදන්න කියල දුන්නා මතක ඇති...(බලපු නැති අය මෙතනින් යන්න) ඒත් ඒකෙ තියෙන දේවල් කරන්න සමහරුන්ට තාම බැරිලු...ඉතින් ඒ වගේ arduino වලට අලුත් සූති අයට තමා අද මේක දෙන්නේ...අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.





කියවන්නේ නැතුව කෙලින්ම වැඩේට බහිමු....මේ වැඩේට ඕනෙ වෙනවා,


  • Arduino board එකක්.
  • Arduino Software එක.
  • LED එකක්.
  • 470 ohm හෝ 1K හෝ ඊට ආසන්න Resistor එකක්.
  • වයර්.

දැන් පහත ආකාරයට LED එක හා Resistor එක Arduino එකට සම්බන්ධ කරන්න.



පරිපථ සටහන....




දැන් තියෙන්නෙ පහත Code එක Type කරලා Upload කරන එක.

Coding වල රතු පාටින් තිබෙන කොටස් Type කරන්නෙපා...

// සමඟින් ආරම්භ වන්නේ Comments..... ඒවා Code එක ක්‍රියාත්මක වීමට බලපාන්නේ නෑ.. ඒවා අපේ පහසුවට ලියා ගන්නා දේවල්...මේ විදියට  රතු පාටින් දාල තියෙන්නේඑක් එක් Comment එකට අදාල වන කොටස්.... එක් කේතයක රූලක් (Line) අවසන් කරන්නේ ; සංකේතෙන්. Void කියලා පටන් ගන්නේ Function එකක්....ඒකට අදාල සියලුම කේත { } වරහන් දෙක තුල ලියලා තියෙන්නේ.....

int led = 13; // 13වන pin එක තෝරගන්නෙ LED එකට.
void setup() {
pinMode(led, OUTPUT);  // තෝරගත්ත pin එකෙන් අපි දෙන්නෙ Output එකක්.
}
//පහතින් ලියන කේතය තමයි මෙතනින් එහාට නොනැවතී ක්‍රියාත්මක වෙන්නෙ.
void loop() {

digitalWrite(led, HIGH); // තෝරාගත් LED pin එකේ output එක High බවට පත් වේ, ඒ හරහා විදුලිය ගමන් කරවයි

delay(1000);  //තත්පරයක් එලෙසින් සිටින්න

digitalWrite(led, LOW); // තෝරාගත් LED pin එකේ output එක Low බවට පත් වේ, ඒ හරහා විදුලිය ගමන් නොකරයි

delay(1000); //තත්පරයක් එලෙසින් සිටින්න
}

එහෙනම් Upload කරලා බලන්න, අපි සම්බන්ද කරපු LED එක නිවි නිවි දැල්වෙනවා. ප්‍රශ්න තියෙනවනම් මේක දමල ගහලා පුළුවන් දෙයක් කරපන්...හිකිස්....විහිළුවක් ඇ...පුස්නයක් ආවොත් පහලින් comment කරන්ඩලා...

මෙන්න ඒ පරිපථයම Breadboard එකක.



වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...

මේක තමයි arduino starter kit එක...පට්ට වාසී....arduino වලට ආදුනිකයින්ට ගොඩක් වටිනවා....


     
         

Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top