Saturday, December 23, 2017

ස්වයං මෝහනට පත් වෙමු..(Self hypnosis step by step)



ඔන්න අද කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන...තොපි දන්නවනේ ඉතින් මට හම්බෙන හැම කුණු ගොඩක්ම මේකට ඔබනවා...අදත් අන්තර් ජංජාලයේ සැරිසරද්දී මේ වගේ දෙයක් හම්බුනා....ඉතින් මේක ගැන කට්ටියට කියල දෙන්න හිතුවා. ඔන්න අද ලිපියෙන්  කියන්න යන්නේ ස්වයං මෝහනය ගැන
.මෙහිදී ස්වයං මෝහනය කියන්නෙ කුමක්ද?,එහි වැදගත් කම් සහ බොහොම සරල වදිහට අපගේ එදිනෙදා ජීවිතයේ දියුනුව සඳහා එය යොදාගත හැකි ආකාරයක් ගැන මන් හොයාගත්ත තොරතුරු ටිකක් කියනවා...


ස්වයං මෝහනය කියන්නේ මොකක්ද?


ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මේක වෙන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගින්. මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔයා වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව. ඔයා නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔයා වඩාත්  කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් ගැන. ඔයා ඒ චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.... ඉතින් මන් ඔයාලට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් ගැන.....ඉතින් දැන් ඔයාලට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය කියන්නේ බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔයාලටට  කියන්න ඕනි අනෙක් වැදගත් කාරණේ තමා මේක කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මන් හිතනව ඔයාලට දැන් ස්වයං මෝහනය ගැනමූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල.(මෙලෝ දෙයක් තේරෙන්න නැතුව ඇති කියලා:p )

ස්වයං මෝහනයේ ප්‍රයෝජන....

01. සුවදායී නින්දක් ලබා ගැනීමට.

සමහර පුද්ගලයන්ට ඇතිවන  නින්ද සම්බන්ද ගැටලු නිරාකරනය කරගැනීමට ස්වයං මෝහනය පහසුවෙන් යොදා ගන්න පුළුවන්. බොහෝ පුද්ගලයන්ට ඕනි වෙන්නේ මෝහන වාර එකක් විතරයි...

02. වැරදි විශ්වාසයන්ගෙන් මිදීමට.

ගොඩක්ම සෘන ආකල්පයන්ගෙන් පුද්ගලයන් මුදවා ගැනීමට මේ ස්වයං මෝහනය යොදා ගන්න පුළුවන්.

03. වැරදි ඇබ්බැහිවීම් වලින් මිදීමට.

දුම් පානය,නියපොතු සැපීම වැනි වැරදි පුරුදුවලින් මිදීමට ස්වයං මෝහනය භාවිතා කරන්ඩ පුළුවන්.....

04. අනවශ්‍යය භය ඉවත් කිරීමට.

සාමාන්‍යයෙන් අපි හැමෝටම  සුලු වශයෙන් හරි බිය පවතිනව. ඒ උනාට සමහර පුද්ගලයන්ට පවතින මකුලුවන්ට බිය වීම වැනි අනවශ්‍ය බිය නැතිකිරීමට සවයං මෝහනය පාවිච්චි කරන්න පුලුවන්න....

05. වේදනා නාශකයක් ලෙස.

06. මතක ශක්තිය සහ චිත්ත ඒකාග්‍රතාව වැඩිකර අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනීමට.

07. මානසික විඩාව සහ මානසික පීඩනය ඉවත් කර ගැනීමට.


පියවර 10 කින් ස්වයං මෝහනයට පත් වෙන හැටි....(ලේසියට ලියන බාසාව යොදාගත්තා ඇ...)


STEP-01




පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න.අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න.ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න....කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි....



STEP-02

පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න....ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න....



STEP-03

දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න.ඔබගේ මනසේ ඇති පීඩනය,භය,විඩාව,feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න.ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න.මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.




STEP-04

ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න.ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න.මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න.මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න.මීලගට ඔබේ පාදය,කලව,බඩ,පපුව,අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න.ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි.උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.



STEP-05

සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න.ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න.ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න.



STEP-06


තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව.සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්.එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න.බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න.ඔබ 5වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න.වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.


STEP-07

ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ.ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්.මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි.ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න.ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.



STEP-08

ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.




STEP-09

ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.



STEP-10

ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න....ඔන්න ඔතනින් ස්වයං මෝහනයෙන් ඔයා මිදෙනවා...කරල බලන්නකෝ ඔයාට ඇවිදිනකොටත්  නිකන් පාවෙනවා වගේ දැනෙයි ඇ....



එහෙනං මේක කරලා බලන්න අනිවා...ඔය මේ පාර o/l ලියපු ඇච්චෝ බැච්ච්න්ට මානසික පීඩනේ නැති කරගන්න මේ self hypnosis කියන්නේ හොද ක්‍රමවේදයක්.....කරදරයක්, ප්‍රශ්නයක් ආපු වෙලාවට මනස සැහැල්ලු කරගන්නත් මේ කර්මේ සුපිරි...මන් ඉතින් බයිලා ගහන්න යන්නේ මොකටද කරලා බලපල්ලකො.....


වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා GoogleFollow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...



☞#රුකියා...

Share:

3 comments:

  1. ඇත්තටම මේ තියෙන්නෙ මානසික ඉහිල් වීමේ ක්‍රියාවලියක්. හිත ගැන පරීක්ෂණ කරපු අය හොයාගෙන තියෙනවා මනසේ කම්පන වාර අවස්ථා 4 ක්. බීටා, ඇල්ෆා, ටීටා සහ ඩෙල්ටා කියල අවස්ථා 4ක්.

    බීටා - කම්පන වාර සංඛ්‍යාව සයිකල් (බයිසිකල් නෙමෙයි ) 13ට වැඩි.
    ඇල්ෆා - කම්පන වාර සයිකල් 8 - 12.9 අතර
    ටීටා - කම්පන වාර සයිකල් 4 - 7.9 අතර
    ඩෙල්ටා - කම්පන වාර සයිකල් 3.9 ට අඩු

    අපේ හිත සන්සුන් මට්ටමේ තියෙනවා කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නෙ ඇල්ෆා සහ ටීටා මට්ටම් වල තියෙද්දි. ඔය කතාවට කියන්නෙ "හිත පහන් වෙලා යනවා" කියල.. අන්න ඒ ඇල්ෆා සහ ටීටා මට්ටම් වල තියෙද්දි තමයි. මේ මට්ටම් දෙකේදි, අපි උඩු හිතෙන් හිතන දෙයක්, යටි සිතේ මැනැවින් තැන්පත් වීමේ හැකියාව ගොඩක් වැඩියිලු. ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 25% සිට 75% දක්වා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ හිත ගැන පර්යේෂණ කරන උදවිය කියනවා, ස්වයං යෝජනාවලියක් හිතට ඇතුලත් කරන්න හොඳම අවස්ථාලු මේ හිත ඇල්ෆා හෝ ටීටා මට්ටම් වල තියෙන අවස්ථා.

    රුක්ෂාන් මල්ලි මේ කියල තියෙන අභ්‍යාසයෙන් වෙන්නෙත්, ඕනම වෙලාවක කලබලකාරී බීටා මට්ටමේ තියෙන හිත, ඇල්ෆා හෝ ටීටා මට්ටමට සන්සුන් කරන එක. ස්වයං යෝජනාවක් හිතේ තැන්පත් කරන්න මේක හොඳ අවස්ථාවක්. තවත් ඒ හා සමාන අමතර අවස්ථා 2ක් තමයි අපි නින්දට පිවිසෙන අවසාන මිනිත්තු 3 සහ නින්දෙන් අවදිවෙලා ගතවෙන පළමු මිනිත්තු 3. ඒ අවස්ථා දෙකේදිත් හිත නිරායාසයෙන්ම තියෙන්න ඇල්ෆා සහ ටීටා කම්පන මට්ටම් වල. අන්න ඒ නිසයි පර්යේෂකයෝ යෝජනා කරන්නෙ, නින්දට පිවිසෙන වෙලාවෙ, අනාගතේ ගැන සුබ සිහින දකිමින් නිදාගන්න කියලා.. මොකද අපි අනාගතේ ඇති කරගන්න ජීවන තත්ත්වයට එයින් සැලකිය යුතු බලපෑමක් තියෙනවලු..

    හොඳ කරුණු ටිකක් තියෙන හොඳ ආර්ටිකල් එකක්.. දිගටම ලියන්න මල්ලි. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ....වැදගත් කරුණු ටිකක් එකතු කරාට

      Delete

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top