Friday, December 22, 2017

ඔයාගේ blog එකටත් free domain එකක් ගමු.....

   
අඩෝ ඉතින් කොහොමද ....මම හිතනවා මගේ යාලුවෝ සුවෙන් සැපෙන් ඇති කියල.. එහෙම ඉන්න   එපැයි ඉතින්.. දැන් මාර විදයට බ්ලොග්ස් තියනවා නේ.. අලුත් අලුත් බ්ලොග්ස් අම්බානෙට හම්බු උනා.. මරේ මරු ..අලුත් අලුත් කිවුවට මමත් තාම අලුත් තමයි..හේ හේ .. මේ දවස් වල.. මම හිතන විදියට.. අපේ
බ්ලොගර්ස්ලට විශේෂයෙන් tech පැත්තට බර බ්ලොගර්ස්ලට තියන අලුත්ම උන තමයි alexa rank එක වැඩි කරගන්න එක.. මටත් ඕක හැදිලා තියෙන්නේ ඉතින්. බලමුකෝ තාම පටන් ගත්ත විතරයිනේ...තොපි ඉතින් post එකක් share කරන්නේ වත් නෑනේ.....

හරි එහෙනං  අපි මාතෘකාවට බහිමු.....

domain,

    domain කිවුවම.. ඉතින්  බ්ලොග්කාරයෝ වශයෙන් අපිට මතක් වෙන්නේ blogspot domain එක තමයි .. මේක ඉතින් sub domain එකක්.. මා හිතන විදියට ලෝකේ වටිනාම sub doamain ටික තියෙන්නේ මේ blogspot.com domain එකටද කොහෙද.. ඇයි ඉතින් මේ අපි වගේ වටිනා කොල්ලෝ පාවිච්චි කොරන්නේ මේකනේ...  ඉතින් අපි මේ sub domain එක පාවිච්චි කරද්දී තවත් සමහරු සල්ලි දීලා..  .com .lk .co.uk .org  .info .net යනාදී වශයෙන්  ඩොමේන්ස් ගන්නවා...   ඉතින් අර එක්කෙනක් කිවුවා වගේ  අපිට කොයින්ද බුල් බල්ලෝ .. පාරේ යන හොරිකඩ බැල්ලියක්වත් නැති කොට  කියන නියායට අනුව.. අපි ගන්නේ free domain  ඉතින්  ෆ්‍රී ගන්න උනත් හොයල බලලා ගන්න එක හොඳයිනේ... මම දන්නා දන්නා විදියට නොමිලේ දෙන domain ගැන පොඩි විස්තරයක් කියන්නම්..

1)  .TK


      මේක තමයි දැනට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන free domain එක..  මේ Domain එක අනික්වා. වගේ. දිග නැහැ  නිකන .lk    .com  වගේ .. ලයින් එකක් තියනවා..අන්න එකම නිසයි මේක මෙච්චර ජනප්‍රිය .. හැබැයි මේ ඩොමේන් වල පොඩි අවුලක් තියනවා... එක තමයි එපාම වෙන සින් එක. අපි දැන් මේ ඩොමේන් එක මාස 12කත ගත්තයි කියමුකෝ.. එත් අපි මේ domain එක පාවිච්චි කරලා.. හදන අඩවියේ traffic එක එහෙම වැඩි වෙනකොට.. ඒ කියන්නේ ඩොමේන් එක භාවිතා කරන පිරිස වැඩි වෙනකොට මේ ඩොමේන් එකේ මස 12 ඉකුත් වෙන්න ඕනි නැහැ ඒ ය sell කරනවා.. නැත්තන් වෙන කෙනක් අවිතේ ඩොමේන් එකට සල්ලි ගෙවලා ඉල්ලුම් කලොත් එයාට දෙනවා..

Register TK domain


2)  .co.cc



ඊළඟට වැඩිම පිරිසක් භාවිතා කරන ඩොමේනය තමයි co.cc කියන්නේ.. මේක ඉදිරියට එන්න ප්‍රධානම හේතුව තමයි අවුරුද්දක් කිවුවොත් ආයේ අවුරුද්දක්ම තමයි.. ආයේ ඒක වෙනස් වෙන්නේ නැහැ..  හැබැයි ඉතින් මේකෙත් පොඩි අවුලක් තියනවා.. ඒ තමයි NOD32 වගේ virus guard වලින් මේ ඩොමේන් එකට යන්න දෙන්නේ නැහැ virus කියලා පෙන්නනවා .. දුක තමයි සිරිසේන...

Register co.cc domain

3)  .co.nr



මේකේ ගති ලක්ෂනත් එහෙම් පිටින්ම co.cc  domain එකේ වගේමයි ..පහලින් ගිහින් register වෙලා බලපල්ලකො.....


Register co.nr domain

4) .free




ආයේ කියන්න දෙයක් නැහැ TK domain එකම තමයි.. එකම තමයි කිවුවේ එක නෙවෙයි.. ඒ ලක්ෂණ ටික.. එහෙමම පිහිටලා තියනවා.. TK ගෙ පුතා කියල තමයි කියන්නේ.. එත් මේක වැඩිය ප්‍රසිද්ද නොවෙන්න හේතුව  .free කියල තියන එක ටිකක් චාටර් වගේ නිසා  කියල තමයි කියන්නේ.....

.
Registre .free domain

5) com.nu



මේක එක ඩොමේන් එකක්  උනාට ඇත්තටම මේක domain pack එකක් .. මේ සයිට් එකට ගියාම.. free domain අමබනෙකට register වෙන් පුළුවනි  පහල පින්තුරේ බලන්න......




දැක්කනේ ...  මේ domain එක අනික්වා වගේ විකුනන්නේ block කරන්නේ මුකුත් නැහැ... හැබැයි මේකෙන් දෙන ගොඩක් ඩොමේන් FB share කරන්න ගියාම එක එක ප්‍රශ්න ....


Register .com.nu domain


තවත් මේ වගේ නොමිලේ දෙන  domain තියනවා....ඒවායින් බාගෙට බාගයක් එක එක අවුල් තියනවා.. මම ඒවායින් හොඳම පහ තමයි මේ දාල තියෙන්නේ... එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හමුවෙමු..

ආ යන්න  කලින් තව විශේෂ දෙයක් කියන්න තියෙනවා...මෙච්චර කල් esihina.blogspot.com
විදියට තිබ්බ අපේ site එක අද ඉදන් www.esihina.com වෙනවා...හී....

ඔන්න ඉතින් මගේ blog එක දැකලා මට .com domian එක අරන් දුන්නේ දුමින්ද සංජීව අයියා...


ඔන්න ඔය මැද්දේ ඉන්නෙ එයා තමා....අයියා ගානේ මට මේ කරපු උදව්වට ගොඩක් පින් ඇ...හී

වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්....අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ..

☞#රුකියා...
Share:

4 comments:

  1. kawuda Duminda kiyanne... 😂😂 Wish you all the best malli.. keep the spirit up!

    ReplyDelete
  2. kawuda Duminda kiyanne... 😂😂 Wish you all the best malli.. keep the spirit up!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්....තෑන්ක්ස් අයියේ...

      Delete
  3. ෆ්‍රී Domain භාවිතා කරන්න එපා ඒවගේ Traffic වැඩි වෙනකොට එයාලා ඒවා ගන්නවා. අරන් වෙන අයට ලොකු ගනම් වලට විකුනනවා. ඔයාගේ traffic එකත් එකෙන් කැඩෙනවා. ඒක නිසා ෆ්‍රී Domain වැඩක් නෑ.

    ඔයා දාලා තියෙන සමහර ෆ්‍රී සයිට් දැන් නෑ :)

    ReplyDelete

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top