Tuesday, November 21, 2017

NeoBux වලින් සල්ලි හොයමු...

    

   අද මම කියල දෙනව මොකද්ද PTC (paid to Click) කියන්නේ කියල. ඔයාල දන්නවනෙ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනව කියල. ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනව. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒව. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනව. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ. ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනව.



ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්නම්කො. ව්‍යාජ ඒව අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5, $10, $50, $100, $200 වගේ ප්‍රමාණ ගෙවනව කියල තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.

PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි  NeoBux කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනව. පහළ තියන බැනර් එක ක්ලික් කරල ලියාපදිංචි වෙන්න පුළුවන් නොමිලේම... ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.

 

 මේකත් අනිත් Bux site වගේම තමයි. දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ.

අද මගේ ලිපියෙ ප්‍රධාන අරමුණ NeoBux ලියාපදිංචිය ගැන කියන එක නෙමෙයි.NeoBux එකෙන් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගන්න හැටි කියන්නයි.


     අපි දවසකට එක් වතාවක් පමණක් මෙ සයිට් එකට ගියොත් අපිට බලන්න ලැබෙන්නේ දිනපතා දෙන Fixed ads ටිකයි, ඊට අමතරව ලැබෙන ad 3-4ක් විතරයි. ඒකට හේතුව තමයි Fixed ads වලට අමතරව ලැබෙන ඇඩ් තියෙන්නේ විනාඩි කීපයක් පමණයි. ඒ වෙලාවෙ ඇඩ් නොබැලුවොත් ඇඩ් එක කැන්සල් වෙනව.

කොහොමද ඇඩ් එකක් ආපු ගමන් අපි ඒක දැනගන්නේ?

     ඒකට NeoBux දීපු විසඳුම තමයි NeoBux AdAlert
මේකත් ClixSense tool bar එක වගේ එක්ක. මේ add-on එක ඔයාලගෙ බ්‍රව්සර් එකට install කරගත්තම NeoBux ඇඩ් එකක් ආපු ගමන් ඒක අපිට පෙන්නනව. අපි දැන් බලමු කොහොමද මේ add-on එක ගන්නේ කියල.

මුලින්ම ඔයාගේ NeoBux ගිණුමට යන්න.




Page එකේ පහළම තියන AdAlert click කරන්න. එත කොට පහළ page එක open වෙනව.



add-on එක download කරගන්න ඔයා පාවිච්චි කරන web browser එක තොරන්න. එතකොට add-on එක download වෙනව. ඒක install කරගන්න. දැන් එක close කරල ආපහු open කරන්න.

Firefox browser එකේ නම් මේ විදියට add-on එක දකින්න පුළුවන්.



දැන් ඇඩ් එකක් ලැබුන ගමන් අපිට ඒක දැන ගන්න පුළුවන්.


    මොකද්ද මේ Affiliate/Referral Programme කියන්නේ?
ඒ කියන්නෙ අපි කිසියම් වෙබ් අඩවියකට නව සාමාජිකයන් එකතු කරල දෙනවනම් ඒ සඳහ ඒ වෙබ් අඩවියෙන් අපිට පොඩි commission එකක් ගෙවනව. ඒ වගේම ඒ අයත්ඇඩ් බලවනවම් ඒකෙනුත් අපිට පොඩි commission එකක් ලැබෙනව.

Referral ආකාර දෙකක් තියනව.
1. Direct referrals
2. Rented referrals

අපි මුලින්ම Direct referrals ගැන කතාකරමු. Direct referrals කියන්නේ කෙලින්ම අපි විසින් එම වෙබ් අඩවියට හඳුන්වා දීපු අය.

කොහොමද අපි Direct referrals හදා ගන්නේ?

මුලින්ම අපි දැනගන්න ඕන අපේ referral link එක මොකද්ද කියල.

කෙහොමද අපේ referral link එක හොයාගන්නේ?

my Affiliate details කියන තැන උඩින්ම තියෙන්නේ (රතු පාටින් කොටු කරපු තැන)ඔයාගේ referral link එක.

NeoBux වලදිනම් මෙහෙමයි බලන්නේ. ඔයාගේ ගිණුමට ගියාම පහළ රූපේ රතු පාටින් කොටු කරපු තැන තියන කරන්න.

 එතකොට මේ පිටුව විවෘත්ත වෙනව.
























මේකෙ අංක දාල තියන තැන්වල තියන ඒව මම පැහැදිළි කරන්නම්.
1. ඔයාගෙ referral link එක.
2. ඔයාගෙ බ්ලොග් එකක හරි වෙනත් වෙබ් සයිට් එකක හරි ඇඩ් එකක් විදියට පල කරන්න පුළුවන් ඔයාගේ banner advertisement එකේ HTML code එක.
3. එකක පල කරන්න පුළුවන් URL එක.

ඊලඟට මොකද කරන්න ඕන?

හරි දැන් අපි අපේ referral link දැනගෙනනෙ තියෙන්න. ඕනෙනම් ඒව notepad එකක save කරල තියන්න. දැන් ඉතින් යාළුවොන්ට මේ ගැන කියල ඔයාගෙ referral link එකෙන් එයාලටත් මේ සයි  සයිට් වල ලියාපදිංචි වෙන්න කියන්න. NeoBux referral linkඑකනම් Facebook එකේ දාන්න බෑ. ඒක spam වෙලා තියෙන්නේ.

ඔයාලගේ web site හරි blog site හරි තියනම්, ඔයාගෙ referral link එක අඩංගුbanners  ඒවයි දාන්න.

නැත්නම් PTC site ad එකක් දාන්න.

Direct referrals100-200ක් හොයාගත්තොත්නම් ගොඩම තමා.

අපි කාගෙ හරි referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙනවද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙනවද?

ගොඩක් අය referral link මග ඇරල ගිහින් ලියාපදිංචි වෙනව. ඒ කාගෙ හරි උනොත් තමන්ට අවාසියක් වෙයි කියල. ඒක වැරදි මතයක්.referral linkreferral link referralreferral
කොහෙත්ම නෑ. අපිට එහෙම කිසිම අවාසියක් වෙන්නෙ නෑ. අපෙන් කිසිම මුදලක් කපා ගන්නෙත් නෑ.

Direct Referral කෙනෙක්ගෙන් අපිට කොයිතරම් මුදලක් උපයන්න පුළුවන්ද?



Neobux වලදි නම් මෙහෙමයි. 
  









එහෙනම් යාළුවනේ අදට මම මෙතනින් නවතිනව. Rented referralල ගැන ලඟදිමලිපියක් දාන්නම්.....



වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....
☞#රුකියා...



Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top