Monday, November 20, 2017

Arduino 4x4 රෝවර් - Part 3 (last part)





       එහෙනම් යාලුවනේ අද ලිපියෙන් Arduino 4 Wheel Rover එකේ අවසන් කොටස අරගෙන එනවා.
කලින් එක බැලුවේ නැත්තන් මෙතනින් යන්න.. අපිට දැන් තියෙන්නෙ TV Remote එකට අදාලව Arduino එක ක්‍රියාත්මක වෙන්න Remote එකේ එක් එක් Button වල කේත ලබාගැනීමයි, මේ සඳහා

IR Receiver එකක් Arduino එකේ Pin 13 වලට අමුණාගන්න. දැන් මේ Code එක Arduino එකට Upload කරන්න.

#include <IRremote.h>

// http://arduinotutes.blogspot.com

int RECV_PIN = 13; //pin 13 ekata IR receiver eka conect karala thiyenne, kamathinam wena pin ekak use karanath puluwan (1,0 arenna)

IRrecv irrecv(RECV_PIN);

decode_results results;

// http://arduinotutes.blogspot.com

void setup()
{
  Serial.begin(9600);
  irrecv.enableIRIn(); // Start the receiver
}

// http://arduinotutes.blogspot.com

void loop() {
  if (irrecv.decode(&results)) {
    Serial.println(results.value);
    irrecv.resume(); // Receive the next value
  }
  delay(100);

}

හරි දැන් Arduino Serial Monitor එක on කරලා රෝවර් එක ඉදිරියට ගෙන යාමට සුදුසු Remote Button එකක් ඔබන්න, එවිට ලැබෙන අංකය  Notepad වැනි මෘදුකාංගයක සටහන් කරගන්න. මෙසේ රෝවර් එක පිටුපසට ගැනීමට, වම් පසට හා දකුණුපසට ගැනීමට අවශ්‍ය Button තුනක්ද තෝරාගෙන ඒවාගේ අංකද පෙර සේම සටහන් කරගන්න.

එහෙනම් යාලුවනේ දැන් අපිට අවශ්‍ය කරපු Remote Button හතරෙ අංක සටහන් කරගත්තා, එහෙනම් දැන් තියෙන්නෙ Arduino එකට Rover එකේ Code එක Upload කරන්න.

මෙන්න Code එක,

#include <IRremote.h>
IRrecv irrecv(13); //pin 13 ekata IR receiver eka conect karala thiyenne, kamathinam wena pin ekak use karanath puluwan (1,0 saha relay module arenna)
decode_results results;
void setup()
{
   pinMode(2, OUTPUT); // relay module wampasa  motor eke relay 1 wire eka connect karana pin eka
   pinMode(3, OUTPUT); // relay module wampasa  motor eke  relay 2 wire eka connect karana pin eka

   pinMode(4, OUTPUT); // relay module dakunupasa motor eke relay 1 wire eka connect karana pin eka
   pinMode(5, OUTPUT); // relay module dakunupasa motor eke relay 2 wire eka connect karana pin eka

  irrecv.enableIRIn(); // Start the receiver
}

void loop() {
  if (irrecv.decode(&results)) {
    long int decCode = results.value;
    irrecv.resume(); // Receive the next value
    if(results.value==3255005345) //idiriyata yamata theru button eke no. eka
    {
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,HIGH) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,HIGH) ;
    }
    else if(results.value==2173897225) //pitupasata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,HIGH) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,HIGH) ;
     digitalWrite(5,LOW) ;
    }
    else if(results.value==553866289) //dakunata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,HIGH) ;
     digitalWrite(4,HIGH) ;
     digitalWrite(5,LOW) ;  
    }
    else if(results.value==2553984193) //wamata  yamata theru button eke no. eka
    {
     digitalWrite(2,HIGH) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,HIGH) ;
    }
    else // e kisima button ekak press kara nathnm siyalumarelay kriya wirahitha kiriima
    {  
     digitalWrite(2,LOW) ;
     digitalWrite(3,LOW) ;
     digitalWrite(4,LOW) ;
     digitalWrite(5,LOW) ;
    }
  }

}
මුලින්ම Arduino එකට IR Reciver එක සම්බන්ධ කරගන්න. ඉහත Code එකේදි නම් Pin 13 වලට.






දැන් වම් පස Motor එකට යන Relay දෙකෙන් එන වයර් දෙක 2,3 යන Arduino Pin වලට අමුණාගන්න. 
දකුණු පසට මෝටර් දෙකට යන Relay pin දෙක 4,5 යන Arduino Pin වලට අමුණාගන්න.




එහෙනම් යාලුවනේ Relay Module එක Rover එකේ Motor දෙකට සහ විදුලි සැපයුමට අමුණගන්න.



දැන් තියෙන්නෙ මේ සියල්ලම සුදුසු ලෙස Rover එකට සම්බන්ධ කරගන්න එක.









දැන් තියෙන්නෙ යාලුවනේ රෝවර් එක දුරස්ථ පාලකය හරහා ක්‍රියාත්මක කරවන්න.


නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් Arduino එකේ සිට එක් එක් Motor එකට යන Relay වල වයර් (2,3) සහ (4,5) වල වෙනස්කම් කරන්න වෙනවා. 2,3 යන වයර් දෙක මාරු කර බලන්න වම් පස මෝටරය නිවැරදිව පාලනය කරන්න. 4,5 යන වයර් දෙක මාරු කර බලන්න වම් පස මෝටරය නිවැරදිව පාලනය කරන්න. 






වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....

☞#රුකියා...

Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top