Wednesday, November 29, 2017

Android Apps වලින් arduino projects control කරමු...

    අද කියන්න යන්නේ තවත් පට්ට cool වැඩක් ගැන.. ඔයාගේ android phone එකෙන් arduino projects control කරන හැටි තමා අද කියල දෙන්නේ... මේක ඔයාට වැඩි දියුණු කරලා drones, lights , rovers එහෙම control කරන්න පුළුවන් විදියට හදාගන්නත් පුළුවන්... හරි අපි එහෙනං බලමු මොකක්ද මේ වැඩේ කියලා...


    අපිට Android phone එකක තිබෙන Bluetooth තාක්ශණය ඔස්සෙ Arduino එකට සම්බන්ධ වෙන්න පුලුවන්, ඒකට ඕනෙ කරන්නෙ Arduino Bluetooth Module එකක් විතරයි. ඔව් Android තියෙන Phone එකක් සහ Arduino එකක් ඕනෙ මේ වැඩේට. මේ ක්‍රමයෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් Apps
රොත්තක්ම තියෙනවා Play Store එකේ, Arduino කියලා Search කරන්නකො. දැක්කා නේද Remote Car, ගෙදර Light on / off කර වැඩ වගේ ගොඩක් දේවල් කරන්න Apss තියෙනවා. Module එක ගන්න විදියක් නැත්නම්  රු. 750/- ට ගෙදරටම ගෙන්වාගන්න පුලුවන් මෙතනින්.. Arduino Bluetooth Module .

   හරි දැන් බලමු අද කරන්න යන වැඩේ. මෙතනදි කරන්න යන්නෙ අපිට කැමති පාටක් ලබාගන්න පුලුවන් LED එකක් Android phone එකකින් Control කරන්න. ඔයාට මේ වැඩේට ඕනෙ කරන RGB LED එකක් ගන්න නැත්නම්, රතු, කොල හා නිල් පැහැති LED 3ක් පහත ආකාරයට අමුණාගන්න Arduino එකට.

1.Arduino Board or compatible Board
2.Serial Bluetooth Module.( TTL Output )
3.RGB LED
4.Android Device with Bluetooth Supported.

ඔය උපාංග තමයි ඕනෙ කරන්නෙ වැඩේට.

RGB LED එකත් මේ විදියටමයි Set කරන්නෙ.






    ඒ වගේම Bluetooth Module එකේ + (VCC) හා - වයර් සම්බන්ධ කර,
Module එකේ RX වයරය Arduino Pin 1 එකට හා TX වයරය Arduino Pin 2 එකට අමුණාගන්න.
Arduino එකට දාන්න ඕනෙ Code එක ළිපියෙ මෙතන  තියෙනවා-----> LINK . ඒක Upload කරන්න Arduino එකට.

දැන් ගන්න Android phone එක අතට, දාගන්න මේ App එක------->



https://play.google.com/store/apps/details?id=arduino.bluetooth.rgbleds

ඊළඟ පියවර තමා Arduino එකට Connect වෙන එක. වයර් එහෙම හරියට අමුණලද කියලා බලලා, Arduino එකට විදුලිට සපයන්න.


දැන් Scan කරලා Module එක තෝරලා දෙන්න.


Pair කරලා නැත්නම් Pair කරන්න.


 රවුම් කරපු Message එක ආවොත් Connect වෙලා තියෙන්නෙ.
දැන් තියෙන්නෙ ඔයාට කැමති විදියට LED එකේ පාට වෙනස් කරන්න...


වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....
☞#රුකියා....
Share:

1 comment:

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top