Monday, October 9, 2017

බ්ලොග් එකක් හදමු (මුල සිට සරලව)-01

ඔන්න blogger යටතේ මන් දාන පලවෙනි post එක තමයි මේක.... අපි බලමු පියවරින් පියවර කොහොමද blog එකක් හදන්නේ සහ ඒක web site එකක් දක්වා වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා....


මේ පෝස්ට් එක  වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි. බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා. අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා, ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ,

*blogger
*wordpress

යන දෙකෙන්. මමනම් කියන්නෙ blogger තමයි හොඳ. මොකද ඒක Google ගෙම සේවාවක් නිසා. ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් blog එකක්  සාදා ගැනීම



එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි.
( පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)





මට තව දෙයක් කියන්න අමතක වුනා. blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්..තියෙන්න ඕනා. දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ....

හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා sign in කියල button එකක් එක click කරන්න....ඒකට ගියාම තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.


දැන් ඔයාගේ google account එක තෝරලා continue to blogger කියන එක දෙන්න...
ඊට පස්සේ ඔයාලට පහලින් තියෙනවා වගේ එකක් එයි...





හරි අපි දැන් යන්නේ අපේ blog එක මේ blogger account එක හරහා නිර්මාණය කරන්න... දැන් මන් පෙන්නලා තියෙන create new blog කියන එක දෙන්න... දැන් ඔයාලට පහලින් තියෙනවා වගේ එකක් එයි....



ඒකෙ title  කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනි  නම (blog එකේ මාතෘකාව) දාලා  address කියන එකට ඔයාගේ web site එකට ඔයා බලාපොරොත්තු වෙන  address එක දෙන්න ඕනි... මේක english අකුරු වලින් ගහන්න....උදාහරණයක් විදියට esihina.blogspot.com වගේ. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ. පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න. මේකේ අන්තිමට .blogspot.com කියල එන්න ඕනි. මොකද තාම ඔයාලට සල්ලි දීල ගත්ත domain එකක් නැති හින්දා. එක ගන්න හැටිත් මන් ඉස්සරහට කියල දෙන්නම්කො.......


දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න. ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම. නැත්නම් ඇඳුම. දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි. හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ. දැන් එහෙනම් create blog  කියන එක ක්ලික් කරන්න.
දැන් ඔයාගේ blog එක හදල ඉවරයි... මන් ඊලග post එකෙන් කියල දෙන්නම් කොහොමද අපි මේ හදාගත්ත blog එකේ post දාන්නේ කියලා...


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල. තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.

වැඩේ හොද නං comment එකක් දාගෙන යන්න.....


☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top